මෙරට ඉස්සන් වගා කිරීමේ කර්මාන්තය විධිමත් කිරීම සහ පුනර්ජීවනය කිරීම අරමුණු කරගත් තීරණාත්මක පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් 2025 ජනවාරි 19 වන දින ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), අපනයනකරුවන්ගේ සංගමයේ, අභිජනනය කරන්නන්ගේ සංගමයේ, ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානයේ (SLADA) සහ සියලුම අදාළ පළාත්වල නියෝජිතයින් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රධාන නියෝජිතයන් ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සකච්ඡාවේදී වැදගත් තීරණ රැසක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු විය.
ඉස්සන් කර්මාන්තය මුහුණ දෙන වර්තමාන අභියෝග සහ ඉස්සන් කර්මාන්තය සදහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම සඳහා වන උපාය මාර්ග සකස් කිරීමට මූළික අවධානය යොමු කෙරිණ.
ඉස්සන් වගා අංශයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සහ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ඉදිරි මාස තුන තුළ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම.
ඉස්සන් කර්මාන්තයේ ප්‍රධාන ක්‍රියාකාරකම්, සිදුවීම් සහ ඉලක්ක ඇතුළත් වාර්ෂික දින දර්ශනයක් සකස් කිරීම මඟින් සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවය සහතික කෙරෙන රාමුවක් සැකසීම, පරිසරයට සුදුසු තිරසාර සහ කාර්යක්ෂම ජලජීවී වගා ක්‍රම හඳුනාගෙන ප්‍රචලිත කිරීම සඳහා නාරා ආයතනය විසින් විශේෂ පර්යේෂණ සිදුකිරීම හා මෙම පර්යේෂණ මඟින් නිෂ්පාදනය ප්‍රශස්ත කිරීම, පාරිසරික බලපෑම අවම කිරීම සහ ශ්‍රී ලංකා ඉස්සන්ගේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය විය.
මඩකලපුවේ දැනට අක්‍රියව පවතින අභිජනන මධ්‍යස්ථානය නැවත ආරම්භ කිරීම හා එමඟින් නිෂ්පාදකයින් සඳහා උසස් තත්ත්වයේ ඉස්සන් කීටයන්/පශ්චාත් කීටයන් ලබා ගැනීමේ හැකියාව වැඩි කිරීම හා ආනයනය මත ඇති යැපීම අඩු කර දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීමට අවස්ථාව සැලසීමටත්, ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත් සහ තිරසාර ඉස්සන් කර්මාන්තයක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහය ලබා ගැනීමටත් තීරණය විය.
එකී තීරණ මඟින් මෙරට ඉස්සන් කර්මාන්තයේ අනාගත වර්ධනයට සහ සංවර්ධනයට ශක්තිමත් පදනමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ජාතික ආර්ථිකයට සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සැලකිය යුතු දායකත්වයක් එමගින් ළබා දීමටද අවධානය යොමු කෙරිණ.
අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස, නැක්ඩා සභාපති කිත්සිරි ධර්මප්‍රිය සහ නාරා සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.