WhatsApp Image 2025 01 25 at 09.52.06

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ධීවර කර්මාන්තයේ සහයෝගීතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සහ මාලදිවයිනේ මෙරට මහකොමසාරිස් මසූඩ් ඉමාද් (Masood Imad) මහතා අතර සාකච්ඡාවක්  ජනවාරි 22 වැනිදා ධීවර අමාත්‍යංශයේදී පැවැත්විණි.

එහිදී දෙරටේ ධීවර කර්මාන්තයේ හවුල්කාරිත්ව ප්‍රවර්ධනය කිරීම සහ මාලදිවයිනේ බහුලව භාවිත කරනු ලබන තිරසාර ධීවර තාක්ෂණය වන පෝල්-ඇන්ඩ්-ලයින් (pole and line) ක්‍රමය ශ්‍රී ලාංකීක ධීවරයින් සඳහා හඳුන්වාදීම කෙරෙහි ද අවධානය යොමු විය. මෙම පුහුණු ව්‍යාපෘතියෙන් මෙරට ධීවරයින්ට ප්‍රතිලාභ හිමි වනවා පමණක් නොව මාලදිවයිනේ ධීවර හිඟයට ද විසඳුම් ලැබෙනු ඇති බව මහකොමසාරිස්වරයා අවධාරණය කළේය. මේ වනවිට මාලදිවයින තුළ ශ්‍රී ලාංකීකයින් 17,000ක් පමණ විවිධ ක්ෂේත්‍රවල සේවය කරන අතර ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය අගය කරමින් කළ මහකොමසාරිස්වරයා ඉන් දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ද ප්‍රකාශ කළේය.

මේ අතර මෑතකදී මාලදිවයින මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත නොවී ගමන් කළ ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රා දෙකක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා විසින් මහකොමසාරිස්වරයාගේ අවධානයට යොමු කරන ලදී. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව නැවත සලකා බලන ලෙසට මාලදිවයින බලධාරින්ගේ අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. මසුන් ඇල්ලීම හෝ වෙනත් අනවසර ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයකට තමාගේ විරෝධයක් නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.

ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගනිමින් ධීවර ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය සඳහා එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ අන්‍යෝන්‍ය කැපවීම මෙම සාකච්ඡාවේදී යළිත් තහවුරු කෙරුණි.

අදාළ සාකච්ඡාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත්  අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය බී.කේ කෝලිත කමල් ජිනදාස මහතා එක්ව සිටියේය

WhatsApp Image 2025 01 25 at 09.52.07 2

WhatsApp Image 2025 01 25 at 09.52.07 1

WhatsApp Image 2025 01 25 at 09.52.07

WhatsApp Image 2025 01 25 at 09.52.08

Youtube