WhatsApp Image 2025 03 30 at 14.42.43මදුරන්කුලිය Ocean Food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත Ocean  Star Jack Mackerel ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම අද කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමාගේ සුරතින් සිදු කළේය.

මෙය මෙරට නිෂ්පාදිත ටින් මාළු විදේශ වෙළද පොළට අලෙවිය සඳහා අපනයනය කළ ප්‍රථම අවස්ථාව වේ. ඒ අනුව මෙම ටින් මාළු තොගය එක්සත් අරාබි එමිල් රාජ්‍ය වෙත අපනයනය කෙරේ.

මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන නව රජයේ දැක්ම පෙරදැරිව මෙරට ඉතිහාසයේ ටින් මාළු අපනයනය කරන ප්‍රථම අවස්ථාව 2025 මාර්තු 29 දින බව ඉතිහාස ගතවන බවයි. මෙරට දෛයිනික ටින් මාළු පරිභෝජනය ලක්ෂ තුනක් බවත් දිනකට ටින් මාළු ලක්ෂ පහක් නිෂ්පාදනය කිරීමේ දාරිතාවයක් ඇති බවත් ඒ  අනුව ටින් මාළු අපනයනයෙන් 2025 වර්ෂයේ දී ඩොලර් මිලයන 8ක් මෙරටට ගෙන ඒමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

" අපි හැමදා බලාපොරොත්තු වෙලා තිබුණේ රටින් ගේනකම් කට ඇරගෙන බලාගෙන ඉන්න එක. මීට වසර දෙකකට පෙර රුපියල් මිලියන 14000ක් මේ රටට ටින්මාළු ආනයනය කරා. ඊට වසර දෙකකට පෙර රුපියල් මිලියන 34000ක ටින්මළු ආනයනය කරා. ටින්මාළු ආනයනය කරන්න මිලියන 15000යි. මිලියන 30000ක් මිලියන 49000ක් ක්‍රමිකව වැය කරපු රටක් ජාතික ජනබලවේගයේ රජයක් තුළ ලංකාවට ටින්මාළු ආනයනය සහමුලින්ම අපි දැන් මේ වෙන විට නතර කරන තැනට ඇවිල්ල තියෙනවා."

මෙම ටින් මාළු තොගයෙ හි එක් බහාලුමක කෑන් 48000කින් යුක්ත වේ. ඉන් ඩොලර් 38,000 – 40,000ත් අතර විදේශ විනිමය මෙරටට  හිමි වේ.

Ocean food ආයතනය විසින් ධීවරයින් මුහුදින් අල්ලන මාළු ගුණාත්මක මට්ටමින් කර්මාන්ත ශාලාව වෙත රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි.

මෙහිදි Ocean Food අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කළේ මේ තුළින් පසු අස්වනු හානිය අවම වීම, ධීවරයින්ට හොඳ මිලක් ලැබීම සහ දේශීය හා විදේශීය පාරිභෝගිකයින්  වෙත ප්‍රමිතියෙන් යුතු පහසු මිලකට ටින් මාළු මිල දී ගැනීමට හැකියාව සලසා ඇති බවයි.

"ඉතිහාසයේ ප්‍රථම වතාවට ටින්මළු අපනයනය කිරීම දක්වා ගමන් කිරීමට හැකියාව ලැබුණේ. ඒ අනුව අද ප්‍රථම වරට අපි අ කන්ටේනරයක් එහෙම නැත්නම් අඩි විසික සම්පූර්ණ කන්ටේනරයක් ඩුබායි රටට අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරා. අ මෙතනදී අපි ඇත්තටම අපනයනය කරන්න මේ අද කරේ ආරම්භයක් පමණයි. ඒ අදින් පසුව අ ඒ කර්මාන්ත ශාලාව විසින් අ අඛණ්ඩව විදේශ සඳහා අපනයනය කිරීමට අපේක්ෂා කරනවා. මේ වසරේ මේ ඉදිරි මාස කීපය තුළ පමණක් අ මේ විදියේ අඩි විස්‍යේ විශාල කන්ටේනර් 200ක් පමණ අපනයනය කිරීම තමයි අ ඉලක්කය වෙලා තියෙන්නේ. ඒ අනුව මේ වර්ෂය තුළ ඩොලර් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් කටින්මාළු අපනයනය කිරීමට හැකි ආකාරය සැලසුම් සකස් කරලා තියෙනවා. ඒක ලබන වර්ෂය වෙනකොට සමානුකූලව ඩොලර් මිලියන 35කට දක්වා අ අපනයන ආදායමක් අපේක්ෂා කරනවා. ඒ කර්මාන්ත ශාලාව පමණක් ටින්මාළු අපනයනය කිරීම තුළින්." මෙහිදි අදහස් දක්වමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  සුසන්ත කහවත්ත මහතා පැවසීය.

මීට සමගාමීව අපනයන බලපත්‍ර ප්‍රධානය කිරීම කර්මාන්ත ශාලා පරිශ්‍රය නිරීක්ෂණය  සහ නව භෝජනාගාරය විවෘත කිරීම ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළේය.

මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් ගිහාන් මැතිතුමා,  ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සුසන්ත කහවත්ත මහතා ඇතුළු පිරිස සහභාගී වූහ.

WhatsApp Image 2025 03 30 at 14.42.44 2

WhatsApp Image 2025 03 30 at 14.42.44 1

WhatsApp Image 2025 03 30 at 14.42.48

Youtube