ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත කුරොනුමා කෙන්ජි මහතා ඇතුළු දූත පිරිසක් අතර, පශ්චාත් ආපදා තත්ත්වය යටතේ ධීවර ක්ෂේත්‍රය යළි නගා සිටුවීමේ ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ සාර්ථක සාකච්ඡාවක් 16(December) වන දින පැවැත්විණි.
වරාය නවීකරණය, නව තාක්ෂණයෙන් ජලජීවී වගාව දියුණු කිරීම, කුඩා යාත්‍රාවල සුරක්ෂිතතාව සහ ශීතාගාර දාම සංවර්ධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා JICA ආයතනයේ සහයෝගය ලබා ගැනීමට මෙහිදී අවධානය යොමු විය.
මෙම යෝජනා ඉතා සුබවාදීව පිළිගත් JICA ආයතනය, ඉදිරියේදී ධීවර ක්ෂේත්‍රය ඉලක්ක කරගත් නව ව්‍යාපෘතියක් යෝජනා කිරීමට එකඟ විය. තිරසාර ධීවර කර්මාන්තයක් සඳහා වූ ගමනට මෙය විශාල ශක්තියකි






