en banner

New Pictureපවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව නිවේදනය කෙරේ.

ධීවර කර්මාන්තය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බැවින්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි තත්ත්ව පාලන උප කාර්යාලය, සියලුම වරාය මෙහෙයුම් කාර්යාල, ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථාන සහ යාත්‍රා නිරීක්ෂණ ඒකකය සුපුරුදු පරිදි විවෘතව පවතිනු ඇත. මේ හරහා මුහුදේ රැකියාවේ නියුතු ධීවරයින්ට, යාත්‍රා හිමියන්ට සහ මත්ස්‍ය අපනයනකරුවන්ට කිසිදු බාධාවකින් තොරව තම සේවාවන් ලබාගත හැකිය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මෙසේ ප්‍රකාශ කළේය:
"රජයේ නිවාඩු කාලසීමාව තුළ වුවද, ධීවර කර්මාන්තයට කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා උපරිම වශයෙන් සහය ලබා දෙමින් එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අපේක්ෂාවයි."

මෙම පියවර හරහා දිවයිනේ අඛණ්ඩ මත්ස්‍ය සැපයුම, ධීවර ආරක්ෂාව සහ අපනයන ක්‍රියාවලිය තවදුරටත් තහවුරු කෙරේ.

නවතම පුවත්

Youtube