en banner

80ඉතිහාසයේ බලයට පත් නායකයින් ධීවර ජනතාවට විවිධ පොරොන්දු ලබා දී ඔවුන් රැවටීමට ලක් කල බවත්, ධීවර ජනතාව තවදුරටත් රැවටීමට ලක් විය යුතු නැති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය.

එසේ රැවටීමට ලක් නොවී සිය අයිතිවාසිකම් දිනාගනිමින් අභිමානයෙන් කටයුතු කිරීමට නම් ධීවර ජනතාවට ද වැඩපිළිවෙලක් තිබිය යුතු බවත්. එම වැඩපිළිවෙල කර්මාන්තය පිළිබද දැනුමක් අවබෝධයක් නැති කණ්ඩායම් විසින් සකස් කිරීමෙන් නැවතත් කර්මාන්තය අගාධය කරා යාම වැලැක්වීම වෙනුවෙන් ඒ පිළිබද උනන්දුවක්, දැනුමක් ඇති කණ්ඩායමක් විසින් සැකසීමේ වැදගත් කමද රාජ්‍ය අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

ජාතික ධීවර වැඩපිළිවලක් සැකසීම පිලිබදව ඊයේ [30] දින පැවති සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මේ බව සදහන් කළේය. ජාතික ධීවර මහා සම්මේලනයේ දිස්ත්‍රික් නියෝජිතයින් ඇතුළු ධීවර ක්‍ෂේත්‍රයේ ක්‍රියාකාරීන් පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

මෙහිදී ජාතික ධීවර මහ සම්මේලනයේ නිලධාරීන් සහ දිස්ත්‍රික් නියෝජිතයින් පෙන්වා දුන්නේ ජාතික ධීවර මහ සම්මේලනය පිහිටුවා වසර 10 කට අධික කාලයක් ගත වී ඇතත් අපේක්‍ෂිත අරමුණ කර ලගාවීමට නොහැකි වී ඇත්තේ ධීවර ජනතාව සහ කර්මාන්තය පිළිබද දැනුමක් තේරුමක් නැති අය මෙම ක්‍ෂේත්‍රය පාලනය කිරීම හේතුවෙන් බවත්, සෑම විටම රැවටීමට ලක් වූ තම ජනතාව තවදුරටත් රැවටීමට ලක් නොකර මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බවත් අවධාරණය කළහ.

ඔවුන්ගේ ඉල්ලීම වුයේ ඒ සදහා ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිත මහා සමුළුවක් කැදවා එම වැඩපිළිවෙල හදුන්වාදෙන ලෙසය.

ධීවර ජනතාවගේ එම ඉල්ලීම ඉටුකිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස මෙහිදී ජාතික ධීවර මහා සම්මේලනයේ පාලක ලේකම් වෙත උපදෙස් ලබාදුන් රාජ්‍ය අමාත්‍යතුමා යෝජිත වැඩපිළිවෙල පිළිබද ධීවර නායකයින්ගේ සහ ජනතාවගේ අදහස් යෝජනා ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලද ජාතික ධීවර මහ සම්මේලනය මගින් සැලසුම් කිරීම වැදගත් බව පෙන්වා දුන්නේය.

ඒ අනුව එම සියළු යෝජනා ලබාගෙන දළ කෙටුම්පතක් සකසා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය අදාළ නිලධාරීන් වෙත ඉදිරිපත් කර අවශ්‍ය සංශෝධන කිරීමෙන් අනතුරුව අවසන් වැඩපිළිවෙල එළිදැක්වීමට කටයුතු කිරීම ද ජාතික ධීවර මහා සම්මේලනයේ මැදිහත් වීමෙන් සිදුකිරීමේ වැදගත් කම ද රාජ්‍ය අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී.

ඒ අනුව කටයුතු කරමින් ජාතික ධීවර වැඩපිළිවෙල කඩිනමින් සැකසීමට තීරණය කෙරිණ.

 

Youtube