චීනයේ ෂැන්ඩොන් පළාතේ යැන්ටායි (Yantai) නගරයේ නගරාධිපති ගරු Zheng Deyan මහතා ඇතුළු මහත්ම මහත්මීන්ගෙන් සමන්විත චීන රජයේ නියෝජිත පිරිසක් සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, අමාත්‍යාංශ ලේකම්තුමා සහ එම අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන ප්‍රධානීහු අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (මැයි 8, 2025) දින ධීවර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදි.
ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහ දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් අතර හමුවක් අද (මැයි 8, 2025) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පුළුල් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
ගම්පහ, බෞද්ධාලෝක මාවතේ පිහිටි ලංකා ධීවර සංස්ථාවේ මාළු වෙළඳසැලේ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන 2025 අප්‍රේල් 04 සහ 05 යන දිනවල සාර්ථකව සංවිධානය කරන ලදී.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





