උතුරු පළාතේ සංවර්ධනය හා ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා 2024 අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර දීමට ජනාධිපතිතුමන් පියවර ගෙන ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

දේශීය ටින්මාළු කර්මාන්තය නංවාලීමට අවශ්‍ය සියලු සහයෝගය රජයෙන් ලබා දෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. දැනටමත් විදේශීය ටින්මාළු ගෙන්වීම පාලනය කර ඇති බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන දේශීය ටින්මාළුවල තත්ත්වය උසස් කිරීමට ටින්මාළු නිෂ්පාදකයන් පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ධීවරයන් විසින් ජනාධිපතිතුමාන් ඇතුළු රජය වෙත නිරන්තරයෙන් ඉදිරිපත් කරන ප්‍රධාන ගැටළුවක් වන ඉන්ධන ප්‍රශ්ණය, මාළු විදේශ වලින් ආනනයනය කිරීම, සහ ධීවර ආම්පන්නවල මිළ ගණන් ඉහළ යාම යන ගැටළුවලට ජනාධිපතිතුමන් කඩිනමින් විසදුම් ලබා දෙන බවට තමන්ට පොරොන්දු වී ඇති බව, ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 26-01-2024 දින, වැල්ලමංකර පැවති ධීවර ජනතාවට වෛද්‍ය පරීක්ෂණ පවත්වා වෛද්‍ය සහතික නිකුත් කිරීම සහ ප්රථමධාර කට්ටල බෙදා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කලේය.
නවතම පුවත්
- ගෝලීය ධීවර පාලනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට ධීවර ලේකම් ශ්‍රී ලංකාව නියෝජනය කරයි
- ත්‍රිකුණාමලයේ ධීවර ගැටලු විසඳීමට ඒකාබද්ධ ප්‍රවේශයක්; අමාත්‍ය මට්ටමේ මැදිහත්වීම් රැසක්
- මීගමු කලපුව සුරක්ෂිත කරමින් සංචාරක ආකර්ෂණය දිනාගැනීමට නව ජැටියක් ඉදිවේ: රුපියල් මිලියන 318ක දැවැන්ත ආයෝජනයක්
- ධීවර කර්මාන්තයට නව තාක්ෂණය සහ පර්යේෂණ එක්කරමින් ‘නාරා’ (NARA) ආයතනයට නවක විද්‍යාඥයින් පිරිසක් එක්වෙයි
- ධීවර වරායන්හි ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට රුපියල් මිලියන 56ක ව්‍යාපෘතියක් ඇරඹේ.





