ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය සංවර්ධනය කිරීම සම්බන්ධව ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන්, ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සත්යංඡල් පාන්ඩේ මහතාත් සමග ශ්‍රී ලංකාවට පැමිණි ධීවර ක්ෂේත්රයේ කටයුතු කරන ඉන්දීය විද්වතුන් පිරිසක් පසුගිය 23 වන දින ධීවර අමාත්‍යවරයා හා ධීවර අමාත්‍යංශය, ධීවර දෙපාර්තමෙන්තුව, නාරා ආයතනය, නැක්ඩා යන ආයාතන වල නියෝජිතයින් සමග සිදු කළ සාකච්ඡාවෙන් පසු, සතියකට අධික කාලයක් ශ්‍රී ලංකාව පුරා ධීවර දිස්ත්‍රික්ක 15ක් සහ මිරිදිය ක්ෂේත්රයට අදාළ දිස්ත්‍රික්කවලද සංචාරය කරමින් ඔවුන්ලබාගත් දත්ත හා නිරීක්ෂණ පිළිබදව වාර්තාවක් 2023.10.02 වැනි දින ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්රමුඛ නිලධාරීන්ට ඉදිරිපත් කරන ලදි.
"අකාර්යක්ෂමතාව හේතුවෙන් පසුගාමීව සිටි ලංකා ධීවර සංස්ථාව නූතනත්වයට ගැලපෙන පරිදි යාවත්කාලීන වෙමින් තිබීම සතුටට කරුණක්. ධීවර සංස්ථා වෙළඳසැල් ඉහළ ගුණාත්මක බවක් සහිතව රට පුරා ස්ථාපිත වෙමින් පවතිනවා. ලංකා ධීවර සංස්ථාව පිළිබඳ ධීවරයන් සහ පාරිභෝගිකයන් තුළ වූ නරක ප්‍රතිරූපය වෙනස් කරන්න අපිට පුළුවන්"
අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත්, ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමාගේ, ධීවර රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමාගේත් උපදෙස් හා මග පෙන්වීම් පරිදි ධිවර අමාත්‍යාංශය හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ධීවර ක්ෂෙත්රයේ උන්නතිය උදෙසාත් ධීවර හා ජලජ සම්පත්, දීර්ඝ කාලීනව සංරක්ෂණය හා කළමණාකරණය කරමින් තිරසාර ලෙස නෙලාගැනීමත් අරමුණු කොට ගනිමින්, දැනට පවත්නා 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පනත අහෝසි කරමින් නව පනතක් හදුන්වාදීමේ කටයුතු සිදු කරමින් පවතී.
නවතම පුවත්
- අගය එකතු කළ මත්ස්‍ය අපනයනය සඳහා චීන තාක්ෂණික සහය: නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ෂෙන්සෙන් නියෝජිතයින් හමුවෙයි
- ගංවතුරෙන් විපතට පත් ධීවර සංස්ථා සේවකයින්ට සහ යටිතල පහසුකම් සඳහා කඩිනම් සහන ලබා දීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගෙන් නියෝග
- ගංවතුරෙන් මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා 15කට හානි: අපනයනකරුවන්ට කඩිනම් සහන ලබා දීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගෙන් පොරොන්දුවක්
- අපදාවෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර
- නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ මෙහෙයවීමෙන්, ගංවතුර සහන මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු වහාම යොමු කෙරේ





