ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරුන් සහ මධ්‍යම රජයේ ධීවර අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන් හා අමාත්‍යාංශ ලේකම්ගේ සහභාගිත්වයෙන් ධිවර අමත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය (28) දා පැවැති සාකච්ඡාවේදී පහත කරුණු අවධානයට ලක් විය.
*ධීවර අංශය සඳහා පෙර නොවූ විරූ ප්‍රතිපාදන: 2025 අයවැයෙන් 62.85% ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 11.4ක්*

2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය අතරතුර, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, රටේ නිෂ්පාදන ආර්ථිකය නංවාලීම සඳහා සැලකිය යුතු කැපවීමක් සනිටුහන් කරමින්, මෙවර අයවැයෙන් ධීවර අංශය සඳහා ඉහළම ප්‍රතිපාදන වෙන් කරන ලද බව අවධාරණය කළේය.
යුරෝපීය කොමිසමෙහි සමුද්‍රීය කටයුතු සහ ධීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලෙහි (DG MARE) හි නියෝජිත දූත පිරිසක් සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක් 2025 පෙබරවාරි මස 13 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු විය.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්‍යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





