මදුරන්කුලිය Ocean Food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත Ocean Star Jack Mackerel ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම අද කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමාගේ සුරතින් සිදු කළේය.
Danusha Marine සමාගම විසින් මෙරට නිෂ්පාදිත විශාලතම ධීවර යාත්‍රාව එළිදැක්වීම ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 03 වන දින, දික්කෝවිට ධීවර වරායේදී උත්සවාකාරයෙන් පැවැත්විණී.
ධීවර කර්මාන්තයේ නියතු ධීවර කාර්මිකයන්ගේ මත්ස්‍ය අස්වැන්න ඉහළ දැමීමේ අරමුණින් කොග්ගල කලපුවට මත්ස්‍ය පැටවුන් 60,000ක් මුදා හැරීම පසුගිය 26වනදා කතළුව ගුරුකන්ද තොටුපලේදී සිදු කෙරිණි.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





