
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ධීවර කර්මාන්තයේ සහයෝගීතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සහ මාලදිවයිනේ මෙරට මහකොමසාරිස් මසූඩ් ඉමාද් (Masood Imad) මහතා අතර සාකච්ඡාවක් ජනවාරි 22 වැනිදා ධීවර අමාත්‍යංශයේදී පැවැත්විණි.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ වැඩබල ප්‍රංශ තානාපතිනි මාරි-නොයෙල් ඩුරිස් මහත්මිය අතර හමුවක් ධීවර අමාත්‍යංශයේදී ජනවාරි මස 22 වැනිදා පැවැත්විණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් අමාත්‍යංශයේ දී පැවැත්විය.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





