උතුරු නැගෙනහිර පළාත්වල ධීවර පවුල් සදහා චින රජයෙන් ලැබුණු සහල් සහ දැල් ආම්පන්න බෙදා දීමට කටයුතු කරයි.
පසුගිය කාලයේ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා චිනයේ සිදුකරන ලද සංචාරයෙදි සිදු කළ රාජතාන්ත්‍රික සාකච්ඡාවලට අනුව චින රජයෙන් ආධාර ලෙස ලැබුණු දැල් 75,000ක් පමණ සහ සහල් උතුරු නැගෙනහිර ධීවර පවුල් වලට බෙදා දිමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා කටයුතු කර ඇත.
පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීම අරමුණ කරගත්, ලංකා ධීවර සංස්ථාව විසින් දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව 2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා දින, කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ අංක 457 නිකාඩෝ ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලට යාබද ස්ථානයේදී සුබ මොහොතින් විවෘත කෙරුණි.

ලියාපදිංචි බෝට්ටු අංක IMULA0909TLE දරන ඩෙවොන් පුතා 5 නැමැති බහුදින යාත්‍රාවේ නියමුවා සහ ගැනීයන් මහමුහුදේ පාවෙමින් පැවැති බෝතලයක තිබු ද්‍රාවණයක් පානය කිරීම නිසා සිදු වු කණගාටුදායක මරණයන් පිලිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඒම මියගිය අයවලුන්ගේ පවුල්වල ඥාතීන්වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටි.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





