ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා) නව අධ්යක්ෂ ජනරාල් ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් පත් කරන ලද තුෂාර චමින්ද ලොකුකුමාර මහතා 2020.01.30 දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
ඉතිහාසයේ බලයට පත් නායකයින් ධීවර ජනතාවට විවිධ පොරොන්දු ලබා දී ඔවුන් රැවටීමට ලක් කල බවත්, ධීවර ජනතාව තවදුරටත් රැවටීමට ලක් විය යුතු නැති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ රාජකීය නෝර්වේ තානාපති කාර්යාලය සමග එක්ව විදේශ කටයුතු අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව සංවිධානය කරන ලද දියයට ජීවය (Blue SDG) හෙවත් 14 වන තිරසාර සංවර්ධන අරමුණ පිළිබඳව වන කලාපීය සමුළුව 2018 ජුනි 21 හා 22 දිනවල කොළඹදී පැවැත්වේ. මෙම සමුළුව 21 වැනි දින පෙ.ව. 9.00 ට මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු විජිත් විජිතමුණි සොයිසා සහ නොර්වේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ජෙන්ස් ෆ්‍රොලික් හෝල්ට් යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සමාරම්භ කිරීමට නියමිත ය.
නවතම පුවත්
- අගය එකතු කළ මත්ස්‍ය අපනයනය සඳහා චීන තාක්ෂණික සහය: නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ෂෙන්සෙන් නියෝජිතයින් හමුවෙයි
- ගංවතුරෙන් විපතට පත් ධීවර සංස්ථා සේවකයින්ට සහ යටිතල පහසුකම් සඳහා කඩිනම් සහන ලබා දීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගෙන් නියෝග
- ගංවතුරෙන් මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා 15කට හානි: අපනයනකරුවන්ට කඩිනම් සහන ලබා දීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගෙන් පොරොන්දුවක්
- අපදාවෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර
- නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ මෙහෙයවීමෙන්, ගංවතුර සහන මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු වහාම යොමු කෙරේ





