ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ ධීවර අමාත්‍යංශය එක්ව ධීවර කර්මාන්තයේ, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ පාර්ශවකරුවන් වෙත අවශ්‍ය වෘත්තීයම පුහුණුව, තාක්ෂණික පුහුණුව සහ වෘත්තීයම සහතිකයක් ලබා දීමේ වැඩසටහන පිළිබඳව සාකච්ඡාවක් අද දින 2021.01.26 දින රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
පසුගියදා උඩවලව ධීවර තොටුපල කටයුතු නිරීක්ෂණය කිරීම සදහා සංචාරයක නිරත වු ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ශ්‍රී ලංකාවේ ජල මුලාශ්‍ර වලින් 2% ට අඩු ප්‍රමාණයක් පමණක් තවමත් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය වෙනුවෙන් උපයෝගී කර ගන්නා බවත් ධීවර කර්මාන්තය දියුණු කිරීමට නම් මීට වඩා ජලාශ, වැව්, පොකුණු, ගංගා, විල්ලු, කාලීන ජලාශ, භාවිතා කල යුතු බවත් ප්‍රකාශ කළේය.
පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයේදී උතුරු නැගෙනහිර ඇතුළු සමස්ථ ශ්‍රී ලංකාවේම පසුගිය යුධ සමයේදී අතුරුදන් වුවන් හා මියගිය මාධ්‍යවේදීන්ගේ පවුල් සදහා සහනයක් දීමට අවශ්‍ය බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයේදී අග්‍රාමාත්‍යතුමා සමග එක්ව ඉදිරිපත් කරන ලද කරුණු පිළිබදව කැබිනට් මණ්ඩලයේ සැළකිල්ල යොමුවී තිබේ.
නවතම පුවත්
- විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නංවාලීමට නව වැඩපිළිවෙළක්: වගාකරුවන්ට මූල්‍ය සහන සහ ආනයන බාධා ඉවත් කිරීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් පියවර
- බෙංගාල බොක්කේ සාගර සම්පත් සුරැකීමට කලාපීය රටවල් මීගමුවේදී පෙළගැසෙයි: BOBLME II ව්‍යාපෘතියේ තෙවන කලාපීය මෙහෙයුම් කමිටු රැස්වීම අද ඇරඹේ
- හික්කඩුව ධීවර ප්‍රජාවගේ වෘත්තීය සුරක්ෂිතතාව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවිතාරක්ෂක කබා ප්රදානය කෙරේ
- ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය නවීකරණයට නෝර්වේ රාජ්‍යයේ තාක්ෂණික සහය: අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නෝර්වේ තානාපති කාර්යාල නිලධාරීන් අතර විශේෂ හමුවක්
- මිරිදිය ඉස්සන් කර්මාන්තයේ විප්ලවීය වෙනසක්: රුපියල් මිලියන 25ක අයවැය ප්‍රතිපාදන යටතේ නව තාක්ෂණික වැඩපිළිවෙළක් ඇරඹේ





