ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා) නව අධ්යක්ෂ ජනරාල් ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් පත් කරන ලද තුෂාර චමින්ද ලොකුකුමාර මහතා 2020.01.30 දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
ඉතිහාසයේ බලයට පත් නායකයින් ධීවර ජනතාවට විවිධ පොරොන්දු ලබා දී ඔවුන් රැවටීමට ලක් කල බවත්, ධීවර ජනතාව තවදුරටත් රැවටීමට ලක් විය යුතු නැති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ රාජකීය නෝර්වේ තානාපති කාර්යාලය සමග එක්ව විදේශ කටයුතු අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව සංවිධානය කරන ලද දියයට ජීවය (Blue SDG) හෙවත් 14 වන තිරසාර සංවර්ධන අරමුණ පිළිබඳව වන කලාපීය සමුළුව 2018 ජුනි 21 හා 22 දිනවල කොළඹදී පැවැත්වේ. මෙම සමුළුව 21 වැනි දින පෙ.ව. 9.00 ට මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු විජිත් විජිතමුණි සොයිසා සහ නොර්වේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ජෙන්ස් ෆ්‍රොලික් හෝල්ට් යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සමාරම්භ කිරීමට නියමිත ය.
නවතම පුවත්
- අභියෝග ජයගත් අභිමානවත් ධීවර ප්‍රජාවට සහ සමස්ත ලක්වැසියන්ට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
- ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය
- ශ්‍රී ලංකා - මාලදිවයින් ධීවර සහයෝගීතාව ශක්තිමත් කෙරේ: මාලදිවයින් ජනාධිපතිවරයාගේ ඉදිරි සංචාරය සහ ධීවර ක්ෂේත්රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්
- ධීවර කිමිදුම්කරුවන්ගේ වෘත්තීය අවදානම් ආවරණය කෙරෙන නව රක්ෂණ යෝජනා ක්‍රමයක්: සමාරම්භය නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කල්පිටියේදී
- ධීවර ප්‍රජාව නඟාසිටුවීම සඳහා ජනාධිපතිතුමාගෙන් සුවිශේෂී ඉන්ධන දීමනාවක්





