ධීවර දෙපාර්තමේන්තුව ධීවර නිෂ්පාදන අපනයන සහ ආනයන බලපත්‍ර ලබාදීම, ධීවර යාත්‍රා උදෙසා ලබාදෙන V.M.S. තාක්ෂණය ඇතුලු අනෙකුත් බලපත්‍ර සදහාද ගෙවීම් කටයුතු මින් ඉදිරියට ලංකා බැංකුව සමග එක්ව අන්තර්ජාලය හරහා ගෙවීම් කිරීමේ පහසුකම් හදුන්වාදීමේ උත්සවය 2023.06.12 වන දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගියදා හලාවත කලපුව නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ මතු වු ප්‍රශ්න පිලිබදව සාකච්ඡාවක් 2023.06.06 දින ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි. මෙම සාකච්ඡාවට හලාවත එක්සත් ධීවර සංගමයේ සභාපති ඇතුලු නිලධාරීන් සහභාගි විය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට අයිස් සැපයීම් සිදුකරන කොන්ත්‍රාත්කරුවන් අයිස් කිලෝ 50ක් රුපියල් 850 වැනි මිළකට විකිණීම සම්බන්ධව පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ වෙළදුන් විසින් අමාත්‍යවරයාට පැමිණිලි කරන ලදි.
නවතම පුවත්
- කම්කරු අයිතීන් වචනයට සීමා නොකර ප්‍රායෝගිකව ඉටු කරනවා - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ විශේෂ මැයි දින පණිවුඩය
- මීසාලෙයි වැසියෙකුට නව නිවසක්: ජනපතිගේ නිවාස ව්‍යාපෘතියේ තවත් පියවරක් සාර්ථකයි
- ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ශ්‍රී ලංකාවේ ධීවර හා සාගර සම්පත් ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා ඩෙන්මාර්කයේ ප්රමුඛ පෙළේ ආයතන කිහිපයක් සමඟ සාර්ථක සාකච්ඡා මාලාවක්
- ශ්‍රී ලංකාවේ ධීවර නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට නෝර්වේ රජයෙන් AIS චන්ද්‍රිකා තාක්ෂණික සහය සහ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්





