ලෝක ධීවර දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා - 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය සාර්ථකව සංවිධානය කිරීමට දායක වූ සැමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය වෙනුවෙන් මාගේ හෘදයාංගම කෘතඥතාව පළ කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
2026 අයවැය මඟින් නිල් ආර්ථිකයේ (blue economy) ආරම්භක අදියර සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කර ඇත. අදාළ කටයුතු ලබන වසරේ මුල් භාගයේදී ආරම්භ කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා පැවසීය.

ධීවර කර්මාන්තය ගොඩනැගීම සඳහා 2026 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. මෙම අංශය සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් හොඳින් ක්‍රියාත්මක කරන බවයි ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





