
ධීවර අමාත්‍යංශයේ හිටපු ලේකම් නයනා කුමාරි සොමරත්න මෙනවිය විශ්‍රම යාමෙන් පසු නව ලේකම් ලෙස පත් කොට ඇති නිශාන්ත වික්‍රමසිංහ මහතා 2024.06.19 දින ධීවර අමාත්‍යංශයේදි සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
සෝමාලියා මුහුදු මංකොල්ල කරුවන් විසින් දැනට මාස දෙකකට ඉහතදි පැහැරගනු ලැබු ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සීෂෙල්ස් මුහුදු ආරක්ෂක හමුදාව විසින් මුදාගත් පසු, ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සදහා රාජ තාන්ත්‍රික වශයෙන් කලයුතු සියලු කටයුතු ඉටුකර ඇති බවත්, ඔවුන්ගේ පවුල්වල නඩත්තුව සදහා අවශ්‍ය මුදල් ආධාරද ධීවර අමාත්‍යවරයා ලෙස තමන්ට හැකි පමණින් සළසා තිබෙන බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කොට නැංවීම සදහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ජපන් රජය විසින් රුපියල් මිලයන 03ක් ලබා දීම මේ මොහොතේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තමන් අතිශය අගය කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
නවතම පුවත්
- "සබරගමුව පළාතේ මිරිදිය ධීවර කර්මාන්තයට නව ජවයක්: ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අවධාරණය කරයි"
- ජාත්‍යන්තර මුහුදේදී අනතුරට පත් ධීවරයින් 4ක් නිරුපද්‍රිතයි; බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි
- ශ්‍රී ලංකා-ඕමාන් ධීවර සහයෝගිතාව ශක්තිමත් කිරීමට පියවර: ධීවර අමාත්‍යවරයා සහ ඕමාන් තානාපතිවරයා අතර සාර්ථක සාකච්ඡාවක්
- අමාත්‍යතුමාගේ දීපවාලි සුබ පැතුම් පුවත්
- ධීවර ක්ෂේත්රයට නව ජවයක් දෙමින් 'Aqua Planet 2025' ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ





