උතුරු පළාතේ සංවර්ධනය හා ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා 2024 අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර දීමට ජනාධිපතිතුමන් පියවර ගෙන ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

දේශීය ටින්මාළු කර්මාන්තය නංවාලීමට අවශ්‍ය සියලු සහයෝගය රජයෙන් ලබා දෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. දැනටමත් විදේශීය ටින්මාළු ගෙන්වීම පාලනය කර ඇති බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන දේශීය ටින්මාළුවල තත්ත්වය උසස් කිරීමට ටින්මාළු නිෂ්පාදකයන් පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ධීවරයන් විසින් ජනාධිපතිතුමාන් ඇතුළු රජය වෙත නිරන්තරයෙන් ඉදිරිපත් කරන ප්‍රධාන ගැටළුවක් වන ඉන්ධන ප්‍රශ්ණය, මාළු විදේශ වලින් ආනනයනය කිරීම, සහ ධීවර ආම්පන්නවල මිළ ගණන් ඉහළ යාම යන ගැටළුවලට ජනාධිපතිතුමන් කඩිනමින් විසදුම් ලබා දෙන බවට තමන්ට පොරොන්දු වී ඇති බව, ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 26-01-2024 දින, වැල්ලමංකර පැවති ධීවර ජනතාවට වෛද්‍ය පරීක්ෂණ පවත්වා වෛද්‍ය සහතික නිකුත් කිරීම සහ ප්රථමධාර කට්ටල බෙදා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කලේය.
නවතම පුවත්
- "සබරගමුව පළාතේ මිරිදිය ධීවර කර්මාන්තයට නව ජවයක්: ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අවධාරණය කරයි"
- ජාත්‍යන්තර මුහුදේදී අනතුරට පත් ධීවරයින් 4ක් නිරුපද්‍රිතයි; බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි
- ශ්‍රී ලංකා-ඕමාන් ධීවර සහයෝගිතාව ශක්තිමත් කිරීමට පියවර: ධීවර අමාත්‍යවරයා සහ ඕමාන් තානාපතිවරයා අතර සාර්ථක සාකච්ඡාවක්
- අමාත්‍යතුමාගේ දීපවාලි සුබ පැතුම් පුවත්
- ධීවර ක්ෂේත්රයට නව ජවයක් දෙමින් 'Aqua Planet 2025' ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ





