උතුරු පළාතේ සංවර්ධනයට හා ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව, චීනය හා ජපානය වැනි රටවල් මිලියන 4900කට අධික මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත්වී ඇති බවත්, එම උපකාර අප රටේ සංවර්ධනය වෙනුවෙන් නිසියාකාරව යොදා ගත යතු බව පසුගියදා ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර ඇත.
මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගම් හා බහු දින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සමග 2024.03.13 දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි මෙම අදහස් ප්‍රකාශ කරන ලදි. තමන් අල්ලා ගන්නා මත්ස්‍යන් සදහා සාධාරණ මිලක් ලබා දිය යුතු බව බහු දින යාත්‍රා හිමිකරුවන් විසින් ඉල්ලා සිටින ලදි.
ශ්‍රි ලංකා මුහුදු තීරයේ ධිවර කටයුතු කිරීමට ඉන්දිය ධීවරයන්ට අවසර ලබා දෙන ලෙස තමිල්නාඩු රජය ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණ ද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
නවතම පුවත්
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි





