මාතර, ගන්දර ධීවර වරාය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නියමිත කාලසීමාවට අනුව අවසන් කර ධීවර ජනතාවට කඩිනමින් උපරිම සේවාවක් සැලසීම රජයේ අපේක්ෂාව බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
පේදුරු තුඩුව සහ කැට්කොවලම් ප්‍රදේශවලින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති අතර, ඔවුන් සෙවීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අදාළ අංශ වෙත හදිසි උපදෙස් නිකුත් කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා වන "දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ" දෙවන සැසිවාරය ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





