en banner

JICA1ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ‘දූපත් රාජ්‍යයන්ගේ සාගර සමුළුවට’ (Island States Ocean Summit - ISOS) සහභාගී වීම සඳහා නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) ඉහළ පෙළේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

 DSC6075.jpgකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) පෙරවරු 10.30 ට නිකුත් කරන ලද විශේෂ කාලගුණ නිවේදනයට අනුව, ඉදිරි පැය 24 ක කාලය තුළ දිවයින වටා වන වෙරළ ආසන්න මුහුදු කලාපය රළු හෝ ඉතා රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරත වීම අතිශය අවදානම් සහගත බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

WhatsApp Image 2026 05 30 at 12.56.23‘Ditwah’ සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර පළාතේ මිරිදිය ධීවර ප්‍රජාව යළි නගා සිටුවීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගත්, ඇමරිකානු ඩොලර් මිලියන 1.33ක (රුපියල් මිලියන 436ක් පමණ) සුවිශේෂී ව්‍යාපෘතියක නිල ගිවිසුම් අත්සන් කිරීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී සිදු විය.

නවතම පුවත්

Youtube