
2024.02.11 වැනි දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණ සංචාරයක යෙදුනි. මෙහිදි මත්ස්‍ය වෙළද සංකිර්ණය තුළ මතුවි තිබෙන ගැටලු රාශියකට අවශ්‍ය පිළිතුරු ලබා දෙන ලෙස අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය ඇතුලු නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.

මුලතිව් ප්‍රදේශයේ මාදැල් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවර සංගම්වල නිලධාරීන් පිරිසක් තම කර්මාන්තය කරගෙන යාමේදි පවතින ගැටළු පිළිබදව අමාත්‍යවරයා දැනුවත්කිරීම සදහා 2024.02.06 වැනි දින කොළඹ ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවී සාකච්ඡාවක් කරන ලදි.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදාගෙන දැනට සීෂෙල්ස් හි රඳවා තිබෙන ලොරොන්සෝ පුතා – 4 ධීවර යාත්‍රාව සහ එහි සිටින ධීවරයන් ඉදිරි දෙසතිය තුළ මෙරටට ගෙන්වා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යාංශ ලේකම්වරිය ප්රමුඛ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





