මෙරට දේශීය ජලජ පරිසර පද්ධතියට සහ ස්වදේශික මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය, ලඟ තබා ගැනීම, අභිජනනය සහ විකිණීම තහනම් කිරීමට පියවර ගැනීමට නියමිත බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අද (15) දින පැවති විශේෂ මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.
මෙරට මත්ස්‍ය බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තොග සහ සිල්ලර වෙළෙඳුන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, ගරු රත්න ගමගේ මහතා අද (12) දින එම සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී වෙළෙඳ ප්‍රජාව සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්, මසූද් ඉමාද් (H.E Masood Imad) මැතිතුමා අතර සුහද හමුවක් ඊයේ (සැප්තැම්බර් 8) දින ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
නවතම පුවත්
- මාතලේ මිරිදිය ධීවර ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්. ක්ෂේත්රයේ ප්‍රගතියට අන්තර්-ආයතන සම්බන්ධීකරණය අත්‍යවශ්‍යයි - නියෝජ්‍ය අමාත්‍ය අවධාරණය කරයි
- ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා
- ජලජ ශාක පටක රෝපණ හා අපනයන අංශයේ ප්‍රගතිය, අභියෝග සහ අනාගත අවස්ථා පිළිබඳ සාකච්ඡාව
- උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ආරම්භ කෙරේ.
- "සබරගමුව පළාතේ මිරිදිය ධීවර කර්මාන්තයට නව ජවයක්: ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අවධාරණය කරයි"





