'රටම එකට' ජාතික මෙහෙයුමට සමගාමීව, මාර්තු 01 වන දිනෙන් ඇරඹුණු "විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය" යටතේ, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ධීවර යාත්‍රා යොදා ගැනීම වැළැක්වීමේ අරමුණින්, ධීවර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.
ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් සහ ඉදිරි සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහන මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබාදීම ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) දින ධීවර සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
ගල්ෆ් කලාපය ආසන්නයේ සහ ඒ ප්‍රදේශයේ ඇතිවී තිබෙන යුධමය වාතාවරණය මුල්කරගනිමින් ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ අවධානයෙන් පසුවන බව එහි අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





