දකුණු පළාතේ කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තයේ නියුතු ජනතාව සවිබල ගැන්වීමේ අරමුණින්, රුපියල් ලක්ෂ 86 ක වටිනාකමින් යුත් ධීවර ආම්පන්න සහ මත්ස්‍ය අලෙවි බහාලුම් බෙදා දීමේ විශේෂ වැඩසටහන් මාලාවක් පසුගිය මාර්තු 13 වන දින මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලදී පැවැත්විණි.
මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ වූයේ, සුළි කුණාටුවෙන් අර්ධ වශයෙන් හානියට පත් වූ ධීවර ඔරු, සී-නෝර් (Cey-Nor) පදනම මගින් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර යළි ධීවරයින් වෙත භාරදීම සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) දායකත්වයෙන් නව ඔරු සහ දැල් ආම්පන්න බෙදා දීමයි. මඩකලපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම අවස්ථාවේදී ධීවර සමිති 16ක් සඳහා රුපියල් මිලියන 26.9ක් වටිනා ආධාර බෙදා දෙන ලදී.
"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් මඩකලපුව ධීවර ප්‍රජාවට රුපියල් මිලියන 26.9ක සහන ලබාදීමේ වැඩසටහනට සමගාමීව, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පසුගිය 11 වන දින වාලච්චේන ධීවර වරායේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





