අනපෙක්ෂිත බාධක සහ අභියෝග රැසක් මධ්‍යයේ වුවද, නැවුම් බලාපොරොත්තු දල්වමින් උදාවන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සමස්ත ධීවර ප්‍රජාව ඇතුළු ශ්‍රී ලංකාවාසී සහෝදර ජනතාව වෙත මගේ හෘදයාංගම සුබපැතුම් මෙලෙස පිරිනමමි.
ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (H.E. Masood Imad) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර විශේෂ නිල හමුවක් ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ද එක්විය.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන වත්මන් රජයේ ප්‍රතිපත්තිය යටතේ, ධීවර කර්මාන්තයේ නියුතු කිමිදුම්කරුවන් මුහුණ දෙන වෘත්තීය අවදානම් සඳහා රක්ෂණ රැකවරණයක් සහ මූල්‍යමය සුරක්ෂිතතාවක් සැලසීමේ අරමුණින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) කල්පිටියේදී සිදු විය.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





