ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ සහ පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන ධීවර කටයුතු සම්බන්ධීකරණය කර, ජාතික මට්ටමින් ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් අද (22) දින ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙරට ස්වදේශිය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් එල්ල කරන ‘ජයන්ට් ස්නේක්හෙඩ්’ (Giant Snakehead) නම් ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂය පාලනය කිරීමේ අරමුණින්, සංරක්ෂණ මෙහෙයුමක් ලෙස සංවිධානය කෙරුණු "දැදුරු ඔය Fishing Tournament 2025" මසුන් ඇල්ලීමේ තරගය, සෙනසුරාදා (සැප්තැම්බර් 20) දින දැදුරු ඔය ජලාශයේදී අති සාර්ථක අන්දමින් නිමාවට පත් විය.

යාපනය දිස්ත්‍රික්කයේ ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධනය ඉලක්ක කරගත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ත්‍රිත්වයක්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2025.09.18 දින ආරම්භ විය.
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





