පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව නිවේදනය කෙරේ.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණ අනුව, පවතින තත්ත්වය හමුවේ ධීවර ක්ෂේත්රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රයේ සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නෝර්වේ රාජ්‍යයේ, බර්ගන්-වෙස්ට්ලන්ඩ් ෆ්ලයික්හි (Bergen-Vestland Flyke) නිර්වේතනික කොන්සල්, ස්ටර්ල් එච්. පෙඩර්සන් (Sturle H. Pedersen) මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) දින අමාත්‍යාංශයේදී පැවැත්විණි.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





